wanamalsuwada.blogspot.com
2012 ජනවාරි 15 ඉරිදා “සිළුමිණ” පුවත් පතට සුමුදු චතුරාණි ජයවර්ධන ලේඛිකාව ඉදිරිපත් කළ ලිපියකින් උපුටා ගන්නා ලදි...
2012 ජනවාරි 15 ඉරිදා “සිළුමිණ” පුවත් පතට සුමුදු චතුරාණි ජයවර්ධන ලේඛිකාව ඉදිරිපත් කළ ලිපියකින් උපුටා ගන්නා ලදි...
ආදරය
- “ජීවිතය හා බැඳී අනෙක් වැදගත්ම කරුණ නම් ආදරයයි. ආදරය ජීවිතයට ආහාරයකුත් එළියකුත් බලයකුත් ලබා දේ. ආදරය යනු හැම දෙයක්ම සහ සියලු දෙයක්ම වේ. ජීවිතයේ ආහාරය ද එයයි”
නිර්නාමික ලේඛකයකු විසිනි
- “මම ආදරය සෙව්වෙමි. මක්නිසාද ආදරය මහත් ප්‍රබෝධයක් ගෙන දෙයි. ඔබේ ජීවිතයේ ඉතිරි කාලයෙන් පැය ගණනක් සතුට වෙනුවෙන් වෙන් කරන්නේ එහි ප්‍රබෝධය අතිමහත් නිසා ය. මා ආදරය සෙව්වේ එය මගේ තනිකම නැති කරන නිසාය”
මහා දාර්ශනික බර්ට්‍රම්
රසල්
- “ආදරය මනුෂ්‍යත්වයේ මහිමය ඔටුනු පලඳවයි. එහි රන් බැඳියාවක් ඇත. එයින් අප වගකීම සත්‍ය තුළ බැඳ තබයි.
ප්‍රෙට්රාජ්
- “මා ඉගෙන ගත් දේ එය පමණක් නොවේ. මා දන්නා දෙයට වඩා යමක් ඇත. ඒ නම් ආදරය, පී‍්‍රතිය හවුල් කර ගනී. එයට තනිවම ඉදිරිපත් විය නො හැකිය.
පීටර් ඒ. ලී
- “ආදරය හොඳින් කරන අයට ඔහු හොඳින් යහපත කරයි. විශාල වීම හෝ සුළු වීම හෝ අතර වෙනසක් නැත. දෙවියනට අප ආදරේ නම් දෙවියෝ ද අපට ආදරය කරති”
සැමුවෙල් ටේලර්
- “එය මහත් දේවල් කරන්නට විවෘත වී ඇත. එහෙත් මනුෂ්‍ය හදවත් තුළ ඕනෑම කෙනකුට ආදරය සහ කරුණාව ලියන්නට පිළිවෙන.”
ජේ. පී. වස්වානි
- “ඔබට සතුරුකම් කළ කෙනකුට පවා ආදරය කරන්න, එසේ කරන්නට නම් ඔබේ ආදරය පුළුල් කළ යුතුය”
දලායි ලාමා
- ආදරය නොකරන්න දෙවියෝ නොදනිති. ආදරය දෙවියන් ය. ආදරය නමැති පෙති තිබෙන මල නම් ජීවිතයයි”
වික්ටර් හියුගෝ
- “සියලු හැඟීම්වලින් ආදර හැඟීම බලවත් ය. එය පහර දෙන්නේ මනසට සහ හදවතට දැනීමටය”
වෝල්ටෙයාර්
- “ලෝකයේ බලවත් බලවේගය ආදරය බව අමතක නොකරන්න”
නෙල්සන් රොක්ෆෙලර්
- “අප සිත් තුළ ඇති ආදරේ ලෝකයේ ඇති විශාල ත්‍යාගවන්ත ආදරයයි. ඒ ආදරය තුළින් අපේ තනිකම දුක නැතිකර ගත හැකිය”
ටාර් තැන් ටූ කා
- “ආදරයෙන් ලැබෙන වේදනාව අන් සියලු සතුටකට ම වඩා රසවත් ය.
ජෝන් ඩ්‍රයිඩර්
- “ආදරය සීමාවක් නැතිව දෙන්නට සහ ගන්නට නොදන්නේ නම් එය ආදරය නොවේ”
එමා ගෝල්ඩ් මන්
- “පේ‍්‍රමයට ප්‍රතිකාරයන් නැත. එහෙත් කමක් නැත. වැඩිපුර ආදරය කරන්න”
හෙන්රි තෝරියෝ
- “ආදරය යනු එකිනෙකා දෙස බැලිම නොව එකම දිසාවේ සිට පිටත දෙස එකට සිට බැලීමයි”
ඇන්ටොයින් සේන්ට්
- “ආදරය නිකන් ම ගලක් ලෙස හිඳ ගෙන සිටින්නේ නැත. එය සෑදිය යුතුය. පාන් මෙන් නිතර නිතර සෑදිය යුතුය. අලුත් කළ යුතුය”
උර්සුලා කේ. ලේගින්
- “පරස්පර සිතුවිලි නොමැතිව ආදරය දිය යුතුය”
ෆ‍්‍රෑන්ක් ටයිගර්
- “ආදරය මනුෂ්‍යත්වයේ කරුණාවට ඔටුනු පලඳවයි. එය ආත්මයේ ශුද්ධ වූ අයිතියයි. වගකීම සහ සත්‍ය අතර බැඳෙන රන් හුයයි”
ප්රුටාක්
- “ආදරය ජීවත්වීමට අවශ්‍යයි.
ආදරය නිර්මාණශීලියි
ආදරය නිර්මාණයකි
ආදරය ප්‍රතිමා, කැටයම්
කරයි
ආදරය කාව්‍යයන් ලියයි
ආදරය අපේ කරුණාව මිහිරි ගීත ගායනා කරයි
ආදරයෙන් තොර ලෝකය වේදනාවෙන් පිරී දෝංකාර දෙයි”
හියුබාඩ්
- මිනිසකුගේ ජීවිතයේ හොඳම කොටස ඔහුගේ නිමක් නැති අමතක නොවන කරුණාව හා පේ‍්‍රමයයි”
විලියම් වර්ඩ්ස්වර්ත්
- “පේ‍්‍රමය ආදරයේ හිරු රැස්ය. එළියයි. අපට අපේ ජීවිතය තුළ සම්පූර්ණයෙන් ම පී‍්‍රතිවන්නට බැරි ය. එසේ වන්නට නම් විය යුත්තේ අප ආදරය කරන කෙනකු අප සමඟ පී‍්‍රති වීමයි”
ඇවර්බර් සාමි
- “ඔබ මට ආදරය කරත්නම් එය ආදරයේ නාමයට පමණක් විය යුතු නැත”
එලිසබෙත් බැරට් බ්‍රවුනිං
- “ආදරය තේරුම් ගත හැක්කේ ‘ඇතුළතින්මය’ භාෂාවක් තේරුම් ගත හැක්කේ ඒ භාෂාව කිසිවකු භාවිත කළ විට ය. ලෝකය තේරුම් ගත හැකි වන්නේ එහි කිසිවකු ජීවත්වන විට ය.
රොබට් සී සොලමන්
- “ඔබ ආදරය කරනවාට වඩා ආදරය ඔබට ආදරය කරයි”
ෆ‍්‍රෑන්ක් ටයිගර්
- “ආදරය සියල්ල අත්පත් කර ගනී”
වර්ජින්
- “ආදරයේ සහෝදරත්වය ඇත්තේ එයට කඳුළු ගැල්වූ විටය”
ශ්‍රීමත් වෝල්ටර් ස්කොට්
මිනිසාගෙන් ඉවත්ව යන සැබෑ ආදරය සදාකාලිකව ඔහුව පීඩාවට පත් කරයි. ආදරයේ නාමයෙන් ආදරය සුරකින්න.
උල්හිටියේ සිරි ධම්ම හාමුදුරුවෝ
No comments:
Post a Comment