October 14, 2013

Diyamal kanda Viharaya -මහියංගණ වේවත්ත දියමල් කන්ද විහාරය

 වේවත්ත දියමල් කන්ද විහාරය



          මහියංගණ සිට අම්පාර බලා යන ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 30 ක් පමණ යනවිට හමුවන කුකුලාපොල හන්දියේ පිහිටි රමණීය භූමි භාගයක පිහිටි මෙම විහාරස්ථානය දිනෙන් දින දියුණු වේමින් පවතී. වසර 50 ක් පමණ පැරණි නමුත් වත්මන් සංවර්ධනය කිරිමේ භාර දූර කටයුත්ත පැවැරී තිබෙන්නේ පූජ්‍ය පාද කුකුළාපොල ගුණ රතන හිමියන්ටය. 
            උන් වහන්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කොළඹ සරසවියෙන් ලබාගෙන දැනට වේවත්ත මහ විද්‍යාලයේ ආචාර්ය හිමිනමක් වශයෙන් කටයුතු කරයි. අති දුෂ්කර ප්‍රදේශයක් වූ නමුත් ආගමික ශාසනික වශයෙන් ඉතා කැපවීමෙන් කටයුතු කරන හිමිපානන් වහන්සේ දක්ෂ වෛද්‍ය හිමි නමකි. එසේම දක්ෂ ධර්ම දේශකයානන් වහන්සේ නමකි. පාරම්පරිකව ගුරු හිමියන්ගෙන් උරුම වූ වෙදකම, ජ්‍යෝතිෂය පිළිබද දක්ෂතාවය නිසාම බොහෝ දෙනෙක් උන්වහන්සේ හමුවීමට පැමිණ තම අවශ්‍යතා ඉටුකර ගනියි.
               


          විහාරස්ථානයට අනුබද්ධ ඩී රතනසාර දහම් පාසලේ දැනට සිසුන් 300 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ඒ සඳහා සුදුසු ගොඩනැගිල්ලක් දැනට ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. නමුත් ආර්ථික වශයේන් පවතින දුෂ්කරතා නිසා එහි ප්‍රමාදයක් පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. හිමි පාණන්වහන්සේගේ අදහස කෙසේ හෝ දායකයන් සමඟ එක්වී එහි කටයුතු නිමා කිරීමටය.


       
           මෙම විහාරස්ථානයට ආසන්නයේ දඹාන ආදිවාසී ගම්මානය පවතින නිසා සංචාරයේ යෙදෙන පිරිස් බොහෝ වශයෙන් පැමිණෙන නමුත් පහසුකම් අඩු බැවින් නැවත යාමට සිදුවෙයි. වේවත්ත ග්‍රාමයේ පවතින ජල හිගය නිසා බොහෝ ජනතාව දිය ගෙනයාමට පැමිනෙන්නේ ද විහාරස්ථානයේ ළිදටය. එබැවින් එම ළිද ජනතාව උදෙසාම වෙන්කර දී වෙනත් ළිදක් විහාරස්ථානයට ඉදිකරගෙන ඇත. වියලි කාලයන්හි දී ප්‍රෙද්ශය පුරාම පවතින ජල හිගයට එයද ප්‍රමාණවත් නැත විහාරාධිපති හිමියන් ප්‍රකාශ කරන්නේ රජ්‍ය ආයතන මගින් ජල ව්‍යාපෘතියක් ඉදිකර දීමට කටයුතු කරන්නේ නම් එය මහත් පුණ්‍ය කර්මයක් බවයි.


          රමණීය විහාර මන්දිරයකින්ද චෛත්‍ය රාජයාණන් වහන්සේ ගෙන් ද ඉපැරණි බෝධින් වහන්සේගෙන්ද මෙම පූජා භූමිය අලංකාරවත්ව ඇත. විහාරස්ථානය වටා ඇති සුන්දර වන භූමිය විහාරස්ථානයේ සිසිලස ආරක්ෂා කරදෙයි. 

          ඔබටත් මෙම විහාරස්ථානයේ සංවර්ධනයට දායක වීමට හැකිනම් විහාරාධිපති හිමියන් හමුවී ඒ සඳහා දායක වනමෙන් දන්වා සිටිමි. 
077 7049823 අංකයට අමතන්න.

බැංකු ගිනුමට බැර කරන්න

  •         ජාතික ඉතිරි කිරීමේ බැංකුව - මහියංගණ ශාඛාව
  •         ගි.අංකය - 1-0041-02-90408

No comments: