ජීවිතය දිනන්නට මේ ගැන සිතන්න...
- “ජීවිතය ආරම්භ කරන විට සෑම
උදෑසනක් ම ඔබට ලැබේවි,බැසයන
හිරු ද ඔබට ළං වේවි”
ජෝන් රස්කින්
- “ඇතැම් අවස්ථාවලදී ජීවිතයේ
හොඳ දේවල් කිරීමට අපට ඇතිවන්නේ බියෙකි. හොඳ දේ කිරීමට ඇති හැඟීම තුළ ශුද්ධ වූ
විශිෂ්ට ජීවිතය රඳා පවතියි”
රොබට් කෝලිය
- “හොඳ ජීවිතයක් තුළ ඇත්තේ
හොඳ සිහියක් පමණක් නොවේ. එය කලාවකි. හොඳ දෙයකි. දැනුමට හොඳ දෙයකි. නිරෝගි කමට හොඳ
දෙයකි. සුහදතාවට හොඳ දෙයකි”
ලෙවිස් මම්ෆොඩ්
- “මම මගේ ජීවිතය සකස් කර
ගැනීමට තීරණය කර ගත්තෙමි. ඒ නිසා ජීවිතයට අවශ්‍ය දේ පිළිබඳ ව දැනුම ලබා ගැනීමට
උනන්දු වෙමි”
ඇල්බට් ස්වෙට්සර්
- “ලෝකය හා කලාව හා පෙරමුණේ
එකට යන සැටි දුටු මම පුදුම වෙමි”
සාන්ත අගෝස්තීනු
- “ඔබ විශ්වාස කරන දේ තුළ
හිතවත් විය හැකි නම්, ඔබ අන්
අයට ගෞරව කරනු ඇත”
ඩෙල් මර්ෆි
- “මෙය ජීවිතය ගැන අපූරු
දෙයකි, හොඳ ම
දේවල් හැර අනෙක් දේවල් බාර ගැනීම ඔබ පිළිකෙව් කළොත් ඔබට එය ඉක්මනින් ලැබේ”
සොමර්සෙට් මෝගම්
- “මා ජීවිතයට ලබා ගැනීමට
උත්සාහ ගත යුත්තේ ඉගෙන ගැනීමට සිතන්නට දැන ගන්නට ඇති කැමැත්ත ක්‍රියා කිරීම සහ
දැනීම යන දේය”
කැතරින් මැන්ස්ෆීල්ඩ්
- “ජීවිත ගමන් මගේ දී අවශ්‍ය
දේවල් කරන්නට සොයා ගත හොත් එය මට දිගු කල් සතුටක් ලබා දෙනු ඇත”
ප්‍රංශ දාර්ශනික
වොල්ටෙයාර්
- “ජීවිතයට බිය නොවන්න.
ජීවත්වීම වටිනා බව විශ්වාස කරන්න. ඒ කාරණාව නිර්මාණය කිරීමට ඔබේ විශ්වාසය උදවු
කරයි”
විලියම් හේමස්
- “මනුෂ්‍යයකුගේ ජීවිතය ඔහුගේ
සිතිවිලි වර්ණවත් කරයි”
දාර්ශනික ඩියුගේ
“ඔබ අන් අයට හොඳ කෙනකු වන
විට ඔබ ඔබටම හොඳ කෙනෙක් වේ”
බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්
“අවංක වීමට, කරුණාවන්ත වීමට, ටිකක් මුදල් වියදම් කිරීමට මුළු පවුල සතුටින් තැබීමට, මිතුරු ඇසුරකට මනුෂ්‍යයා තුළ මෘදු මොලොක් සිතක් සහ ධෛර්යයක් තිබිය
යුතුය”
රොබට් ලුවිස් ස්ටිවන්සන්
“ජීවත්වීමට යනු ආශ්වාස ප්‍රශ්වාස
කිරීම පමණක් නොවේ. අපේ සිරුරේ හැම කොටසකට අවයව, ඉන්ද්රියයන් අපට දෙන්නේ ජීවත්වීමේ හැඟීමයි”
ජීන් හැක්ස්
“අප ඉලක්ක කරන අරමුණ අපි
තෝරා ගනිමු. මුලින්ම අප ගෞරවනීය ඉලක්කයක් තෝරාගත යුතුය. ඉන්පසු එම ඉලක්කය කරා යෑමට
ස්ථිර අධිෂ්ඨානයක් වර්ධනය කර ගත යුතුය.”
ජෝර්ජ් බර්නාඩ් ෂෝ
කරුණාව තෝරාගන්නට අවශ්‍ය දෙයක් නොවේ. අප සමඟ ගනුදෙනු කරන සියල්ලෝම එය ලැබිය
යුත්තෝ ය.
“නැහැ” “බැහැ” යන වචන
වුව ද කරුණාවන්ත ස්වරූපයෙන් අසන්නාගේ කනට සතුටක් ඇතිවන අන්දමට කියන්නට හැකිවිය
යුතුය”
වින්සන්ටන් චර්චිල්
“ගෞරවය හා අධිෂ්ඨානය හා
ඇතිව ජීවත්වන ජීවිතය ගැන ආඩම්බර විය හැකිය”
අගතා ක්‍රිස්ටි