July 26, 2015




උ.පෙළ BC සඳහා සූත්‍රගත කරුණු


සල්ලේක සූත්‍රය(මජ්ඣිම නිකාය)

1.     විහිංසා - අනුන්ට හිංසා කිරිම

2.     පානාතිපාතා - සතුන් මැරීම

3.     අදින්නාදානා - සොරකම් කිරීම

4.     අබ්‍රහ්මචාරා - ස්ත්‍රී සම්භෝගය

5.     මුසාවාදා - බොරු කීම

6.     පිසුණාවාචා - කේලම් කීම

7.     ඵරුසා වාචා - පරුෂ වචන කීම

8.     සම්ඵප්පලාප - හිස් වචන කීම

9.     අභිජ්ජා - දැඩි ලෝභය

10.                        ව්‍යාපාද - ක්‍රෝධය

11.                        මිච්ඡා දිටිඨි - වැරදි පිළිගැනීම්

12.                        මිච්ඡා සංකප්ප - වැරදි කල්පනා

13.                        මිච්ඡා වාචා - වරදි වචන

14.                        මිච්ඡා කම්මන්ත - වැරදි ක්‍රියා

15.                        මිච්ඡා ආජීව - වැරදි ලෙස ජීවත්වීම

16.                        මිච්ඡා වායාම - වැරදි උත්සහය

17.                        මිච්ඡා සති - වැරදි සිහිය

18.                        මිච්ඡා සමාධි - වැරදි විවේකය

19.                        මිච්ඡා ඤාණ - වැරදි මඟ ගිය නුවණ

20.                        මිච්ඡා විමුක්ති - වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම

21.                        ථීන මිද්ධ - අලස කම

22.                        උද්ධත - නොසන්සුන් සිත

23.                        විචිකිච්ඡා - තමාගේ විමුක්තිය පිළිබඳ සැකය

24.                        ක්‍රෝධ - තරහ

25.                        උපනාහ - බද්ධ වෛරය

26.                        මක්ඛ - ගුණමකුබව

27.                        පළාස - එකට එක කිරිම

28.                        ඉස්සා - ඊර්ෂ්‍යාව

29.                        මච්ඡරිය - අනුන්ගේ සම්පත් නො ඉවසීම

30.                        සට - කෛරාටික බව(දරදඬු බව)

31.                        මායා - වංචාකාර කම

32.                        ථද්ධ - දැඩි ගතිය

33.                        අතිමාන - අධික මාන්නය

34.                        දුබ්බච - අකීකරු කම

35.                        පාප මිත්ත - අයහපත් මිතුරු ඇසුර

36.                        පමාද - ප්‍රමාදය

37.                        අස්සද්ධ - ශ්‍රද්ධාව නැති බව

38.                        අහිරික - වැරදි කිරීමට ලජ්ජා නැතිබව

39.                        අනොත්තප්ප - වරදට බිය නැතිබව

40.                        අප්පස්සුත - දැක්මේ අඩුබව

41.                        කුසීත - වීරිය අඩුබව

42.                        මුට්ඨස්සති - සිහි මුලාවු

43.                        දුප්පඤ්ඤ - මෝඩකම

44.                        සන්දිට්ඨි පරාමාසි - තම මතය පමණක් පිළිගන්නා (ආධානග්‍රාහි)




කරණීය මෙත්ත සූත්‍රය


       I.            සක්කෝ - තමා සතු වගකීම ඉටුකිරීමේ ශක්තිය ඇතිබව

     II.            උජු - සෘජු බව

  III.            සූජ - ඉතාම සෘජු බව

  IV.            සුවච - අවවාද පිළිගන්නා බව

    V.            මෘදු - සන්සුන් , උපසාන්ත බව

  VI.            අනතිමානී - අධික මානයෙන් යුක්ත නොවීම

VII.            සන්තුස්සකෝ - ලද දෙයින් සතුටුවීම

VIII.            සුභර - අනුන්ට පහසුවෙන් නඩත්තුකල හැකි බව

  IX.            අප්පකිච්චෝ - කටයුතු අඩුබව

     X.            සල්ලහුකවුත්තී - චාම් දිවිපැවැත්ම

  XI.            සන්තින්ද්‍රියෝ - සන්සුන් ඉදුරන් ඇතිබව

XII.            නිපකෝ - දියුණු කරනලද නුවණ ඇතිබව

XIII.            අප්පගබ්බෝ - කෛරාටික දරදඬු පුද්ගලයෙකු නොවීම

XIV.            කුලේසු අනනුගිද්ධෝ - දායක කුලයෙහි නො ඇලීම

XV.            නචකුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤූපරේ උපවදෙය්‍යුං - තමාගේ පවතින කුඩා වරදපවා දුරු කරගැනීම


සිඟාලෝවාද සූත්‍රයට අනුව මිතුරන් (දීඝ නිකාය පාඨික වග්ගය)
අයහපත් මිතුරන්
1)    වචී පරම - කතාවෙන් පමණක් උපකාර කරන ලෙස හැසිරෙන
2)    අඤ්ඤදත්තුහර - තමාගේ වාසිය පිණිස ඇසුරු කරන
3)    අනුප්‍රියභානි - හොඳ සහ නරක දෙකම අනුමත කරන
4)    අපාය සහායක - වැරදිමඟ පෙන්වාදෙන
කල්‍යාණ මිත්‍රයන්
1)    උපකාරක - මිතුරා විපතට පත් වු කල රැක ගන්නා
2)    සමාන සුඛ දුක්ඛ - දුක සැප දෙකේදීම ළග සිටින
3)    අත්තක්ඛායි - මෙලොව හා පරලොව දියුණුවට උපදෙස් දෙන
4)    අනුකම්පක - තමාගේම අයෙකු මෙන් අනුකම්පාවෙන් දියුණුව පතන

සිගාලෝවාද සූත්‍රයට අනුව ගුරු-සිසු යුතුකම් හා වගකීම්
ගුරුවරයා විසින් ශිෂ්‍යයාට කළයුතු යුතුකම්


1)    සුවිනීතං වනෙන්ති - මනව හික්මවීම

2)    සුග්ගහීතං ගාහාපෙන්ති - මනා අවබෝධය ඇතිවන පරිදි ඉගැන්වීම

3)    සබ්බ සිප්පසුතං සමක්ඛායිනෝ භවන්ති - සියලු සිසුන්ට සමසේ ඉගැන්වීම

4)    මිත්තා මච්චේසු පටියාදෙන්ති - මිත්‍ර අමාත්‍යාදීන්ට හදුන්වාදීම

5)    දිසාසු පරිත්තානං කරොන්ති - හැම පැත්තෙන්ම ආරක්ෂාව සලසාදීම

 
ශිෂ්‍යයා විසින් ගුරුවරයාට කළයුතු යුතුකම්


1)    උට්ඨාන - ගුරුවරයා දුටුවිට ආසනයෙන් නැගිටීම

2)    උපට්ඨාන - ගුරුවරයාට උපස්ථාන කිරීම

3)    සුස්සුසා - ගුරුවරයාගේ බසට ඇහුන්කන්දීම

4)    පාරිචරියා - වතාවත් කිරීම

5)    සක්කච්ච සිප්ප පටිග්ගහන - මතකයේ තබාගනිමින් ශිල්ප ඉගනීම

No comments: