July 26, 2015




උ.පෙළ BC සඳහා සූත්‍රගත කරුණු


සල්ලේක සූත්‍රය(මජ්ඣිම නිකාය)

1.     විහිංසා - අනුන්ට හිංසා කිරිම

2.     පානාතිපාතා - සතුන් මැරීම

3.     අදින්නාදානා - සොරකම් කිරීම

4.     අබ්‍රහ්මචාරා - ස්ත්‍රී සම්භෝගය

5.     මුසාවාදා - බොරු කීම

6.     පිසුණාවාචා - කේලම් කීම

7.     ඵරුසා වාචා - පරුෂ වචන කීම

8.     සම්ඵප්පලාප - හිස් වචන කීම

9.     අභිජ්ජා - දැඩි ලෝභය

10.                        ව්‍යාපාද - ක්‍රෝධය

11.                        මිච්ඡා දිටිඨි - වැරදි පිළිගැනීම්

12.                        මිච්ඡා සංකප්ප - වැරදි කල්පනා

13.                        මිච්ඡා වාචා - වරදි වචන

14.                        මිච්ඡා කම්මන්ත - වැරදි ක්‍රියා

15.                        මිච්ඡා ආජීව - වැරදි ලෙස ජීවත්වීම

16.                        මිච්ඡා වායාම - වැරදි උත්සහය

17.                        මිච්ඡා සති - වැරදි සිහිය

18.                        මිච්ඡා සමාධි - වැරදි විවේකය

19.                        මිච්ඡා ඤාණ - වැරදි මඟ ගිය නුවණ

20.                        මිච්ඡා විමුක්ති - වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම

21.                        ථීන මිද්ධ - අලස කම

22.                        උද්ධත - නොසන්සුන් සිත

23.                        විචිකිච්ඡා - තමාගේ විමුක්තිය පිළිබඳ සැකය

24.                        ක්‍රෝධ - තරහ

25.                        උපනාහ - බද්ධ වෛරය

26.                        මක්ඛ - ගුණමකුබව

27.                        පළාස - එකට එක කිරිම

28.                        ඉස්සා - ඊර්ෂ්‍යාව

29.                        මච්ඡරිය - අනුන්ගේ සම්පත් නො ඉවසීම

30.                        සට - කෛරාටික බව(දරදඬු බව)

31.                        මායා - වංචාකාර කම

32.                        ථද්ධ - දැඩි ගතිය

33.                        අතිමාන - අධික මාන්නය

34.                        දුබ්බච - අකීකරු කම

35.                        පාප මිත්ත - අයහපත් මිතුරු ඇසුර

36.                        පමාද - ප්‍රමාදය

37.                        අස්සද්ධ - ශ්‍රද්ධාව නැති බව

38.                        අහිරික - වැරදි කිරීමට ලජ්ජා නැතිබව

39.                        අනොත්තප්ප - වරදට බිය නැතිබව

40.                        අප්පස්සුත - දැක්මේ අඩුබව

41.                        කුසීත - වීරිය අඩුබව

42.                        මුට්ඨස්සති - සිහි මුලාවු

43.                        දුප්පඤ්ඤ - මෝඩකම

44.                        සන්දිට්ඨි පරාමාසි - තම මතය පමණක් පිළිගන්නා (ආධානග්‍රාහි)




කරණීය මෙත්ත සූත්‍රය


       I.            සක්කෝ - තමා සතු වගකීම ඉටුකිරීමේ ශක්තිය ඇතිබව

     II.            උජු - සෘජු බව

  III.            සූජ - ඉතාම සෘජු බව

  IV.            සුවච - අවවාද පිළිගන්නා බව

    V.            මෘදු - සන්සුන් , උපසාන්ත බව

  VI.            අනතිමානී - අධික මානයෙන් යුක්ත නොවීම

VII.            සන්තුස්සකෝ - ලද දෙයින් සතුටුවීම

VIII.            සුභර - අනුන්ට පහසුවෙන් නඩත්තුකල හැකි බව

  IX.            අප්පකිච්චෝ - කටයුතු අඩුබව

     X.            සල්ලහුකවුත්තී - චාම් දිවිපැවැත්ම

  XI.            සන්තින්ද්‍රියෝ - සන්සුන් ඉදුරන් ඇතිබව

XII.            නිපකෝ - දියුණු කරනලද නුවණ ඇතිබව

XIII.            අප්පගබ්බෝ - කෛරාටික දරදඬු පුද්ගලයෙකු නොවීම

XIV.            කුලේසු අනනුගිද්ධෝ - දායක කුලයෙහි නො ඇලීම

XV.            නචකුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤූපරේ උපවදෙය්‍යුං - තමාගේ පවතින කුඩා වරදපවා දුරු කරගැනීම


සිඟාලෝවාද සූත්‍රයට අනුව මිතුරන් (දීඝ නිකාය පාඨික වග්ගය)
අයහපත් මිතුරන්
1)    වචී පරම - කතාවෙන් පමණක් උපකාර කරන ලෙස හැසිරෙන
2)    අඤ්ඤදත්තුහර - තමාගේ වාසිය පිණිස ඇසුරු කරන
3)    අනුප්‍රියභානි - හොඳ සහ නරක දෙකම අනුමත කරන
4)    අපාය සහායක - වැරදිමඟ පෙන්වාදෙන
කල්‍යාණ මිත්‍රයන්
1)    උපකාරක - මිතුරා විපතට පත් වු කල රැක ගන්නා
2)    සමාන සුඛ දුක්ඛ - දුක සැප දෙකේදීම ළග සිටින
3)    අත්තක්ඛායි - මෙලොව හා පරලොව දියුණුවට උපදෙස් දෙන
4)    අනුකම්පක - තමාගේම අයෙකු මෙන් අනුකම්පාවෙන් දියුණුව පතන

සිගාලෝවාද සූත්‍රයට අනුව ගුරු-සිසු යුතුකම් හා වගකීම්
ගුරුවරයා විසින් ශිෂ්‍යයාට කළයුතු යුතුකම්


1)    සුවිනීතං වනෙන්ති - මනව හික්මවීම

2)    සුග්ගහීතං ගාහාපෙන්ති - මනා අවබෝධය ඇතිවන පරිදි ඉගැන්වීම

3)    සබ්බ සිප්පසුතං සමක්ඛායිනෝ භවන්ති - සියලු සිසුන්ට සමසේ ඉගැන්වීම

4)    මිත්තා මච්චේසු පටියාදෙන්ති - මිත්‍ර අමාත්‍යාදීන්ට හදුන්වාදීම

5)    දිසාසු පරිත්තානං කරොන්ති - හැම පැත්තෙන්ම ආරක්ෂාව සලසාදීම

 
ශිෂ්‍යයා විසින් ගුරුවරයාට කළයුතු යුතුකම්


1)    උට්ඨාන - ගුරුවරයා දුටුවිට ආසනයෙන් නැගිටීම

2)    උපට්ඨාන - ගුරුවරයාට උපස්ථාන කිරීම

3)    සුස්සුසා - ගුරුවරයාගේ බසට ඇහුන්කන්දීම

4)    පාරිචරියා - වතාවත් කිරීම

5)    සක්කච්ච සිප්ප පටිග්ගහන - මතකයේ තබාගනිමින් ශිල්ප ඉගනීම

July 18, 2015

A/L Sinhala 2015 අපොස (උසස් පෙළ) විභාගය 2015 සිංහල සාහිත්‍ය පුනරීක්ෂණ හා අනුමාන ප්‍රශ්න



අපොස (උසස් පෙළ) විභාගය 2015
සිංහල සාහිත්‍ය 


පුනරීක්ෂණ හා අනුමාන ප්‍රශ්න
Ulhitiye Siri Dhamma Thero, B/Wewaththa M.V., Mahiyangana   
071 8418186

  • නූතන පද්‍ය සංග්‍රහය රසාස්වාදය
  1.    කතරගම පද්‍ය පිළිබදව රසාස්වාදයක් කරන්න.
  2. දිවා භෝජනය පද්‍ය පිළිබදව රසාස්වාදයක් කරන්න.

  • නූතන පද්‍ය සංග්‍රහය විචාරය

  1.  නූතන කවි පරපුර විසින් සමාජයේ පවතින විවිධ පැතිකඩ කවියේ වස්තුවිෂය (අනුභූතිය) ලෙස යොදාගෙන ඇති ආකාරය පිළිබඳව උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. 
  2. සහෘද මනස තුළ අනුකම්පාවත් , කරුණා රසයත් ජනිත කරමින් සමාජයේ යථා ස්වභාවය නිරූපනය කිරිමට කවියා සමත්වී ඇති ආකාරය නිදසුන් දෙමින් පැහැදිලි කරන්න. (පද්‍ය පංති තුනක්වත් උදාහරන ලෙස යොදා ගන්න) 
  3. පුද්ගල මනෝභාවයන් (චෛතසිකයන්) විචිත්‍ර ලෙස සහෘදයා වෙත ගෙනයාමට කවියා සමත්වී ඇති ආකාරය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
  • රත්නාවලී නාට්‍ය විචාරය
  1. රත්නාවලී නාට්‍ය තුළ ප්‍රේක්ෂකයාට වින්දනයක් ඇති කිරීමට යොදාගෙන ඇති උපක්‍රම මොනවාද?
  2.   අවස්තා හා සිද්ධි අනුපිළිවෙල කුතුහලය දනවමින් නාට්‍යතුළ ඉදිරිපත්කර ඇති ආකාරය විමසන්න. 
  3. රත්නාවලී නාට්‍ය යෙහි ගීතාත්මක බස්වහරත්, කාව්‍යමය උපක්‍රමත් නිසා ප්‍රේක්ෂකයාට වින්දනයක් ඇතිකර ඇති ආකාරය විමසන්න. 
  4. උදයන රජුගේ චරිතය තුලින් නිරෑපනය වන්නේ රජෙකුගේ චරිතයට වඩා  පුද්ගල චරිතයකි. මෙය තහවුරු කරන්න.
  • ගිරා සංදෙශය
  1. ගිරා සංදේශයේ එන රහල් හිමි වැනුම පිලිබඳව විවරණය කරන්න. 
  2. පුද්ගල වැනුම් කෙරෙහි කතුවරයාගේ දක්ෂතාවය අගය කරන්න 
  3. ගිරා කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
  4. ගිරා සංදේශ කතුවරයාගේ කාව්‍ය දක්ෂතාවය අගය කරන්න.
  • මළගිය ඇත්තෝ නවකතාව
  1. දෙවෙන්දොරා සංගේ හා නොරිකො සංගේ චරිත කෙරෙහි ඇතිකරන සංස්කෘතික බලපෑම පිළිබඳව විමසන්න.
  2. මළගිය ඇත්තෝ නවකතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය කර ඇති ආකාරය පැහැදිලි කරන්න.
  3. සියලුම බාදක ඉවසා දරා ගනිමින් ජීවිතයට මුහුණ දෙන සරල හා සංකීර්ණ චරිත ලක්ෂණ ඇති කාන්තාවක ලෙස නොරිකෝ සංගේ චරිතය නිරූපණය වේ.  විමසන්න.
  • කෙටිකතා සංග්‍රහය
  1. විවිධ පුද්ගල ස්වභාවයන් විවරණය කරමින් සමාජ විවරණයක් ද කිරීමට කෙටිකතා කරුවන් සමත්වී ඇති ආකාරය පැහැදිලි කරන්න.
  2.  සමාජ විසමතාවය කෙටිකතා කරුවා ඉදිරිපත් කර ඇත්තේ කෙසේද
  3. සුන්දර ළමා ලෝකය කෙටිකතා කරුවාගේ දෘෂ්ටියට හසුවී ඇති ආකාරය මගින් සමාජයට යම් පණිවුඩයක් දීමට සමත්වී ඇති බව තහවුරු කරන්න.