December 15, 2014

බුදු ගුණ භාවනාව​

බුදු ගුණ භාවනාව​
1. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ, සියළු රාග, ද්වේශ, මෝහ දුරු කල සේක. සියළු අකුසල ධර්මයන් ප්‍රහානය කල සේක. සියළු කුසල ධර්මයන් උපදවා ගත් සේක. සියළු කෙළෙසුන් කරෙන් නිදහස් වී වදාළ සේක. රහසින්වත් පව් නොකල සේක. සියළු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා , ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක.
බුදුරජාණන් වහන්සේ , ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක.
බුදුරජාණන් වහන්සේ, කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක.
බුදුරජාණන් වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ දැන, ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක.
බුදුරජාණන් වහන්සේ, දිවෙන් රස විඳ ඒ රස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරුකල සේක.
බුදුරජාණන් වහන්සේ, කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක.
බුදුරජාණන් වහන්සේ, මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරුකල සේක.

බුදුරජාණන් වහන්සේ වීතරාගී වනසේක, වීත ද්වේශී වන සේක, වීත මෝහී වන සේක. බුදුරජාණන්වහන්සේ අරහං වන සේක. අරහං වන සේක. අරහං වන සේක.

2. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගුරු උපදේශ නැතිවම පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කල සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක.

3. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ සියලු විද්‍යාවන් උපදවා, ඒ සියළු විද්‍යවන්ට අනුවම නුවණින් හැසිරුන සේක. විජ්ජාචරන වන සේක. විජ්ජාචරන වන සේක. විජ්ජාචරන වන සේක.

4. බුදුරජාණන්වහන්සේ සුන්දර නිවන් මග සොයා සුන්දර අමා මහා නිවනට වැඩම කල සේක. බුදුරජාණන්වහන්සේ අවබෝධ කොට වදාල ඒ ආර්ය අශ්ඨාංගික මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව ඒ කාන්තයෙන්ම සුන්දරයි. බුදුරජාණන්වහන්සේ සුගත වන සේක. සුගත වන සේක. සුගත වන සේක.

5. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ සියළු බ්‍රහ්ම ලෝකද, සියළු දිව්‍ය ලෝකද, මේ මිනිස් ලෝකයද, සතර අපාය, නිරය ආදී වූ සියළු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කල සේක. මේ සියලු ලෝක වලින් නිදහස් වී වදාල සේක. ලෝකවිදූ වන සේක. ලෝක විදූ වන සේක. ලෝක විදූ වන සේක.

6. බුදුරජාණන්වහන්සේ දමනය කිරීමට නොහැකි වූ සියලු දෙවියන්වද, සියලු බ්‍රහ්මයන්වද, සියලු මිනිසුන්වද, සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යයෙන්ද, අනුශාසනා ප්‍රාතිහාර්යයෙන්ද, මහා කරුණාවෙන් යුතුවම දමනය කල සේක. අනුත්තරෝපුරිසදම්ම සාරථී වන සේක. අනුත්තරෝපුරිසදම්ම සාරථී වන සේක. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක. අනුත්තරෝපුරිසදම්මසාරථී වන සේක.

7. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ දෙව්ලොව දෙවියන්ගේද, මනු ලොව මිනිසුන්ගේද, එකම ශාස්තෲන් වහන්සේ වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක.

8. බුදුරජාණන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අන් අයටත් අවබෝධ කර ගැනීම පිණිස ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ සහිතව දහම දෙසූ සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක.


9. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ අනන්ත වූ සීලයෙන්ද, අනන්ත වූ සමාධියෙන්ද, අනන්ත වූ ප්‍රඥාවෙන්ද අනන්ත වූ වීරියකින්ද, අනන්ත වූ සිහිනුවණින්ද, අනන්ත වූ විමුක්තියෙන්ද, අනන්තවූ විමුක්තිඥාන දර්ශනයෙන්ද, දසබල ඥානයෙන්ද, විශාරද ඥානයෙන්ද, මහා කරුණා සමාපත්තියෙන්ද සමන්විත වන සේක. බුදුරජාණන්වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍යවන්ත වන සේක. භගවා වන සේක. භගවා වන සේක. භගවා වන සේක.

මෛත්‍රී භාවනාව

මෙත්තා භාවනා මෛත්‍රී භාවනාව..


අහං අවේරෝ හෝමි මම වෛර නැත්තෙක් වෙම්වා..
අබ්‍යාපජ්ඣෝ හෝමි තරහ නැත්තෙක් වෙම්වා..
අනීඝෝ හෝමි දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
සුඛී අත්තානං පරිහරාමි සුවසේ ජීවත් වෙම්වා..

අහං විය මය්හං මා මෙන් ම මාගේ,

ආචරිඋපජ්ඣායා ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
මාතා පිතරෝ මව් පියවරු ද,
හිත සත්තා හිතවත් සත්වයෝ ද,
මජ්ඣත්තික සත්තා මැදහත් සත්වයෝ ද,
වේරීසත්තා වෛරී සත්වයෝ ද,


අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.


ඉමස්මිං විහාරේ මේ විහාරයේ සිටින,
ඉමස්මිං ගෝචර ගාමේ මේ ගොදුරු ගමෙහි සිටින,
ඉමස්මිං නගරේ මේ නගරයේ සිටින,
ඉමස්මිං ලංකාදීපේ මේ ලංකාදීපයේ සිටින,
ඉමස්මිං ජම්බුදීපේ මේ දඹදිව් තලයේ සිටින,
ඉමස්මිං චක්කවාළේ මේ සක්වලෙහි සිටින,


ඉස්සර ජනා අධිපති ජනයෝ,
සීමට්ඨක දේවතා සීමා වාසී දෙවිවරු,
සබ්බේ සත්තා සියලු සත්වයෝ,


අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්ත තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.


පුරත්ථිමාය දිසාය නැගෙනහිර දිශාවේ සිටින,
දක්ඛිණාය දිසාය දකුණු දිශාවේ සිටින,
පච්ඡිමාය දිසාය බටහිර දිශාවේ සිටින,
උත්තරාය දිසාය උතුරු දිශාවේ සිටින,
පුරත්ථිමාය අනුදිසාය නැගෙනහිර අනුදිශාවේ සිටින,
දක්ඛිණාය අනුදිසාය දකුණු අනුදිශාවේ සිටින,
පච්ඡිමාය අනුදිසාය බටහිර අනුදිශාවේ සිටින,
උත්තරාය අනුදිසාය උතුරු අනුදිශාවේ සිටින,
හෙට්ඨිමාය දිසාය යට දිසාවේ සිටින,
උපරිමාය දිසාය උඩ දිසාවේ සිටින,


සබ්බේ සත්තා සියලු සත්වයෝ,
සබ්බේ පාණා සියලු ප්‍රාණීන්,
සබ්බේ භූතා සියලු භූතයෝ,
සබ්බේ පුග්ගලා සියලු පුද්ගලයෝ,
සබ්බේ අත්තභාවපරියාපණ්ණා ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,
සබ්බා ඉත්ථියෝ සියලු ස්ත්‍රීන්,
සබ්බේ පුරිසා සියලු පුරුෂයෝ,
සබ්බේ අරියා සියලු ආර්යයෝ,
සබ්බේ අනරියා සියලු අනාර්යයෝ,
සබ්බේ දේවා සියලු දෙවියෝ,
සබ්බේ මනුස්සා සියලු මනුෂ්‍යයෝ,
සබ්බේ අමනුස්සා සියලු අමනුෂ්‍යයෝ,
සබ්බේ විනිපාතිකා සියලු අපායවාසී සත්වයෝ,


අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.



සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!